යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා බෙලරුස් දේශ සීමාවේ පිහිටි ස්ථානයක ආරම්භ වී තිබෙනවා.
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ යුක්රේනයේ සිටින රුසියානු සෙබලුන් ඉවත් කරගැනීම යුක්රේනයේ ප්‍රධාන ඉල්ලීම ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර සිය රටට වහා යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදෙන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබෙනවා.
අද වනවිට ලක්ෂ 04 කට වැඩි පිරිසක් යුක්රේනයෙන් පළාගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රුසියානු ගුවන් ගමන් වලට සම්බාධක පැනවී තිබීම හේතුවෙන් ඉදිරියේ දී රුසියාවෙන් පිටතට යාම අතිශය දුෂ්කර කරුණක් විය හැකි බවයි.
දෙවැනි ලෝක සංග්රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල කරන ලද විශාලතම ප්‍රහාරය වන රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ එක්සත් ජනපද හා යුරෝපීය රජයන් රුසියානු බැංකු සහ මූල්‍ය ආයතනවලට සම්බාධක පැනවීමට කටයුතු කළා.
මේ අතර යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා හාරසිය දෙනෙකුගෙන් පමණ සමන්විත කුලී හමුදාවක් යුක්රේනය වෙත යැවීමට ක්‍රෙම්ලිනය සැලසුම් කර ඇති බව නිල නොලත් වාර්තා වල සඳහන් වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සාම සාකච්ඡා අතරේ මේ පිරිස් යුක්රේනයේ දී මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
වැග්නර් නමින් හැඳින්වෙන මෙම පුද්ගලික ඝාතක කන්ඩායම මීට සති කිහිපයකට පෙර අප්‍රිකාවෙන් රුසියාව බලා පැමිණ ඇති බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන්.
More Stories
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි
ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි
යුරෝපා සංගමය චීනයේ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවරයන්ට එරෙහිව චීනයෙන් ප්‍රති පියවර