රුසියානු-යුක්රේන අර්බුදය අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට බටහිර නායකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී ඇතැයි, රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා පවසයි. ඉකුත් 15 වැනිදා කළ ප්‍රකාශයක දී හෙතෙම පැවසුවේ, රුසියාවේ ප්රමුඛ අවශ්‍යතාවන්ට ගරු කරන්නේ නම්, තම රජය සංවාද පැවැත්වීමට සූදානම් බව යි.
මීට අමතරව, යුක්රේන හා යුරෝපා ආරක්ෂක අර්බුද විසඳීම සඳහා එක්වීමට ද බටහිර රටවල නායකයන් රැසක් අවස්ථා ගණනක දී කැමැත්ත පළ කර තිබේ. එම ප්‍රශ්න සාකච්ඡා කිරීමට රුසියාව සෑමවිටම සූදානමින් සිටී. එහෙත්, එම සාකච්ඡාවලට අඛණ්ඩව අකැමැත්ත දක්වන පාර්ශ්වය වන්නේ යුක්රේන රජය බව ද Sergey Lavrov මහතා පෙන්වා දුන්නේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්