ශ්‍රී ලංකාව හා රුසියාව අතර සිදුකෙරෙන සියලු වාණිජ ගුවන් ගමන් අත්හිටුවීමට මොස්කව් පරිපාලනය ගනු ලැබූ තීරණයට අනුව මෙරට රැඳී සිටි පළමු රැසියානු ජාතිකයින් කණ්ඩායම රැගත් ගුවන් යානය අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් නික්ම ගියා.
රුසියානුවන් 275 දෙනෙකු රැගෙන යාම සඳහා ඒරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් මෙම යානය පැමිණියේ අද අලුයම් කාලයේදි.
එරට රජය මෙරට සිටින රුසියානු ජාතිකයින්ට දැනුම්දී ඇත්තේ කඩිනමින් තම මව් රටට පැමිණෙන ලෙසයි.
කෙසේ වෙතත් රුසියානු ගුවන් යානය සම්බන්ධ අර්බුදය රාජතාන්ත්‍රික ගැටළුවක් නොව අධිකරණය හමුවේ ඇති පෞද්ගලික නීතිමය ගැටළුවක් පමණක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොස්කව් පරිපාලනයට දැනුම්දී ඇත්තේ.
More Stories
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්
චීන-මධ්‍යම ආසියානු තිරසර සහයෝගීතාව කැළඹිලි සහිත ලෝකයට දීප්තිමත් බලාපොරොත්තුවක්
චීන ආර්ථිකයේ අඛණ්ඩ සංවර්ධනයක්