යුක්රේනයේ ක්‍රමාටොර්ස්ක් නගරයට රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 35 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් බටහිර මාධ්‍ය වාර්තා කළේය.
මියගියේත් තුවාල ලැබුවේත් ක්‍රමාටොර්ස්ක් නගරයේ උමං දුම්රිය ස්ථානයක් තුළ රුසියන් ප්‍රහාරවලින් බේරී ආරක්ෂිතව සිටි යුක්රේන සිවිල් වැසියන් යැයි පැවැසෙයි.
ක්‍රමාටොර්ස්ක් යනු නැගෙනහිර යුක්රේනයට අයත් නගරයක් වන අතර, නැගෙනහිර යුක්රේනයේ නගර බොහොමයක් මේ වනවිට රුසියන් හමුදා විසින් අත්පත් කරගනු ලැබ ඇත.
ක්‍රමාටොර්ස්ක් දුම්රිය ස්ථානය ඉලක්ක කර ගනිමින් තම හමුදා පහර නොදුන් බවත්, තම හමුදා පහර දෙන්නේ හමුදා ඉලක්ක වෙත මිසක්, සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් නොවන බවත් රුසියාව අවධාරණය කර තිබේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්