ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් සටහන් විය.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මුල් වරට 198 ඉක්මවා පහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා ය. ඊට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 198 සීමාව ඉක්මවා ගියේ ඉකුත් අප්‍රේල් මස 23 වැනිදා ය. එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විකුණුම් අගය රුපියල් 198.20ක් ලෙස දැක්විණි.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල සියයට 3.7කින් අවප්‍රමාණය වී තිබේ. ඊට අමතරව ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 3.5කින් ද යූරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 2.1කින් ද ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 3.0කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 3.8කින් අවප්‍රමාණය වී තිබේ.
ඊට අමතරව පසුගිය වසර අවසානයේදී දළ විදෙස් නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් ලෙස දැක්විණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති