ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙසයි.
සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කරනවා.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසුවා.
“රුධිර ඒකක 12,000ක වගේ මට්ටමක අපේ ආරක්ෂිත රුධිර සංචිත ප්‍රමාණය පහුගිය කාලයේ පවත්වාගෙන ගියා. නමුත් මේ වෙනකොට 8,000කට කිට්ටු මට්ටමකට පත්වෙලා තියෙනවා. කොවිඩ් නිසා මේ තත්ත්වය වඩා දරුණු වෙලා තියෙනවා. රුධිරය ඒකරාශී කරගැනීමේදී ඉතාම ආරක්ෂාකාරී පරිසරයක් තුළ තමයි ඒ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා රුධිරය පරිත්‍යාග කරන්න බය වෙන්න අවශ්‍ය නෑ.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති