ඉදිරියේදී මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් රියදුරන්ට විශේෂ ලකුණු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිලිබඳව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසනවා.
එහිදී රියැදුරෙකුට ලකුණු 24ක් ලබාදෙන අතර රියදුරන් විසින් සිදුකරනු ලබන වැරදි මත ලකුණු අඩු කිරීම සිදුකරන බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.
යම් හෙයකින් ලකුණු 24ම අඩුවූ පසු රියදුරු බලපත්‍රය වසරක කාලයකට අහෝසි කොට පසුව යලි යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකිවන බවද ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති