රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා ලබාදී තිබු සහන කාලය යළි සංශෝධනය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මාර්තු මස 13 වෙනිදා සිට ජුනි මස 30 වෙනිදා අතර කාල සීමාව තුල කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 06 ක සහන කාලයක් ලබාදී තිබෙනවා.
ජුනි මස 30 වෙනිදා සිට සැප්තැම්බර් 30 වන දින අතර කාල සීමාවේදී කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 03 ක සහන කාලයක් ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු