ඇෆ්ගනිස්ථානයේ හෙල්මන් ප්‍රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තලෙයිබාන් සංවිධානය තහනම් කර තිබෙනවා.
එම ප්‍රාන්තයේ වෙසෙන කරණවෑමියන්ට තලේබාන් සංවිධානය විසින් නියෝග කර ඇත්තේ, කිසිදු පුද්ගලයෙකුගේ රැවුල කැපීම හෝ කොටකිරීම සිදු නො කරන ලෙසට යි.
මෙම ක්‍රියාව ඉස්ලාම් නීතියට පටහැනි බවයි තලෙයිබාන් සංවිධානය පවසන්නේ.
එමෙන්ම අදාළ නියෝගය කඩකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට එම සංවිධානය පියවර ගන්නා බවයි වාර්තාවන්නේ.
මීට අමතර ව කාබුල් අගනුවර තුළ ද මෙලෙස රැවුල් කැපීම තහනම් කර තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්