පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීය හැකි අවම වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දැනට එම වයස් සීමාව අවුරුදු 15කි.
අනිවාර්ය අධ්‍යාපනයේ නිරත විය යුතු වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා ඇති හෙයින් මෙසේ පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ දමා තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අතර, එයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති