ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
රාහුල් ගාන්ධි සිය ට්විටර් ගිණුමේ ද මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත.
ඉන් ඔහු සදහන් කර ඇත්තේ තමන් කොවිඩ් ආසාදිතයෙකු බවයි.
එමෙන්ම තමන්ව පසුගිය දින කිහිපය තුළ හමුවීමට පැමිණි සියලුදෙනා සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින ලෙසට ද රාහුල් ගාන්ධි ඉල්ලා ඇත.
50 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ වන විට නිරෝධායනයට යොමුව තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්