පුත්තලම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තාක්ෂණික බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරුව වන විට මෙගාවොට් 260 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කලේ.
මේ අතර අද සිට සවස 6 න් පසු දිවයිනේ කිසිඳු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
එහි සභාපති ජනක රත්නායක මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කලේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන් පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති