රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබේ.
මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබීය.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්…..
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති