රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සහ එහි ණය තත්ත්වය වැනි ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් පැහැදිලි කරනතෙක් ශ්‍රී ලංකාවට අරමුදල් සැපයීම මෙරට පැරණිතම සංවර්ධන හවුල්කරුවෙකු වන ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (ජයිකා) අත්හිටුවා තිබේ. ජයිකා ආයතනය මෙම තීරණය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ණය තත්ත්වය සහ නව රජය විසින් ක්‍රියාවට නංවන ලද මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජය සැලකිලිමත් වේ.” යනුවෙන් ජයිකා ආයතනය ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවට සිය තීරණය දැනුම්දෙමින් යොමුකළ ලිපියේ සඳහන්වේ.
මේ වසර මුලදී ශ්‍රී ලංකා රජය කෙරවළපිටියේ සිට කොළඹ වරාය දක්වා කිලෝවොට් 220ක භූගත විදුලි කේබලයක් එලීම සඳහා ජයිකා අරමුදල් ඉල්ලා සිටියේය.
රජය සාමාන්‍යයෙන් වසරක් ආරම්භයේදී යෝජිත ව්‍යාපෘති ලැයිස්තුවක් ණය සහ ආධාර අපේක්ෂා කරන ආයතන වෙත යවන නමුත් මෙවර ජයිකා වෙත යෝජනා කර ඇත්තේ මෙම සම්ප්‍රේෂණ මාර්ගය පිළිබඳව පමණි.
මේ අතර ඉදිරි පස් වසර සඳහා ජයිකා අරමුදල් සපයන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සමග ඉදිරියට යා නොහැකි බවද ශ්‍රී ලංකා රජය දැනුම්දී ඇත.
ජයිකා ආයතනය මීට පෙර ව්‍යාපෘති වෙනුවෙන් මුදල් සම්ප්‍රේෂණය ප්‍රතික්ෂේප කර ඇති නමුත් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ තත්ත්වය සලකා මුදල් අත්හිටවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
- අරුණ
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති