වැටුප් රහිත නිවාඩු( දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල සීමාවෙන් කිසිදු හානියක් නොවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී එන් රංජිත් අශෝක මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයකින් දැනුම්දී ඇත.
එසේම ඔවුන් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට පෙර දින පැවති ජ්‍යෙෂ්ඨතාවයද නැවත රාජකාරියට වාර්තා කළ පසු කිසිදු වෙනසක් නොවන බවද එම චක්‍රලේඛයේ දැක්වේ.
නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාලසීමාව ජ්‍යෙෂ්ඨතාවය සඳහා අදාළ කර නොගැනීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 වැනිදා තීරණය කළ බවද එහි සඳහන් වේ.
රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධාරීන්ට එම විධිවිධාන අදාළ කරගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙන බවද චක්‍රලේඛයේ දැක්වේ.
මේ අතර විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධාරීන් ඔවුන්ට නිවාඩු අනුමත කරන ප්‍රධානීන් සමග එළඹිය යුතු ගිවිසුම් මාලාවක්ද මෙම චක්‍රලේඛය සමග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති