මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල හි අවසන් වටයේ නාට්‍ය අද 17 සිට මාර්තු 6 දක්වා වේදිකාගත කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
ඒ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් හෝල් රඟහලේදී.
අවසන් වටයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කෙටි නාට්‍ය 20 ක් සහ දිගු නාට්‍ය 12 ක් වේදිකාගත කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව අද (17) දිනයේදීත් කෙටි නාට්‍ය තුනක් වේදිකාගත වීමට නියමිතයි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති