ගීත රචක, කිවියර රවී සිරිවර්ධන මහතාට ජපානයේ බුන්කා සම්මානය හිමිව තිබෙනවා. ඒ ඔහු ගීත රචකයෙක් හා කවියෙක් ලෙස නව පරපුර තුළ ප්‍රකට කළ සුවිසෙස් ප්‍රතිභාව වෙනුවෙනි.
සම්මාන ප්රදානය ජපාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තානාපති නිල නිවසේදී සිදු කෙරිණි. වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන සම්මාන උළෙල කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර නොපැවති අතර සම්මාන පිරිනැමීමේ උත්සවය සම්මානලාභීන්ට පමණක් සීමා විය.
ක්ෂේත්‍ර පහක් යටතේ සම්මාන පිරිනැමුණු අතර රංගනය වෙනුවෙන් සමනලී ෆොන්සේකා මහත්මියටත් වේදිකා නාට්‍ය වෙනුවෙන් චාමික හත්තලවත්ත මහතාටත් බුන්කා සම්මානය හිමි විය.
මෙරට ජපාන තානාපති කාර්යාලය, ජපන් මිත්‍රත්ව පදනම ඇතුලු සංවිධාන කිහිපයක් විසින් බුන්කා සම්මාන උළෙල වාර්ෂිකව පවත්වන්නේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීමේ අරමුණෙනි. මෙම සම්මාන ප්රදානෝත්සවය 1993 වසරේදී ආරම්භ කෙරිණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති