සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
ඒ අනුව, එම අදාළ යෝජනා ලිඛිතව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තම පක්ෂය තීරණය කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කලේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගීවීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ සඳහන් කල නමුත් රාත්රියේදී එම තීරණය වෙනස් කර තිබුණා.
මේ අතර බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා.
ඒ වත්මන් පාලන තන්ත්රයට විරෝධය පළ කරමින්.
අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් එය පැවත්වෙනු ඇති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති