එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව පෙරළන්න නම් එක තැනකට පැමිණිය යුතු බවත් බෙදී සිට රාජපක්ෂලාට එරෙහිව ගේම් ගසන්නට බැරි බවත් දිසානායක මහතා කීය.
ආණ්ඩුව යන මාර්ගය ගැන කලකිරුණු වෙනසක් බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් තමා සමඟත් කතා කරන බව කී දිසානායක මහතා “මහින්ද මහත්තයා” ඉන්නෙත් සතුටින් නොවන බව කීය.
ආණ්ඩුවට දුර ගමනක් නැති අතර කොහෙන් හෝ පිපිරීමක් වන බව කී නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට ඉතිරිවී තිබෙන්නේ පොඩි “ලයිට් එකක් “පත්තු කරන්න විතරක් බවද සඳහන් කළේය.
මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති