හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
උදෑසන 10 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමත් සමග කතානායකවරයා ඉදිරියේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ 13 වන ආසනය වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
රනිල් වික්‍රමසිංහට හිමි අසුනට වම් පසින් පිහිටි අසුන වෙන් කර ඇත්තේ දෙමළ ජාතික සංවිධානයේ නායක ආර් සම්බන්ධන්ටයි.
දකුණු පසින් පිහිටි 12 වන අසුන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට වෙන් කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති