පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (30) සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 990,496ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල් 980,523ක් ලෙසය.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 256,250ක් දක්වා වැඩි වී තිබේ.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,030ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,940ක් ලෙස සටහන් විය.

By Widane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Twitter Auto Publish Powered By : XYZScripts.com