රන්ජන් රාමානායක මහතාට සාධාණය ඉටු වනතුරු තමන් කලු සාටකයක් පැළඳ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. තමන්ගේ පවුලේ බලය පෙන්වීමට කුරහන් සාටකය පළදිනවා වැන්නක් නොවන බවත්, රන්ජන් රාමනාකය මහතාට සාධාරණය ඉටු කිරීම සඳහා තමන් කලු සාටකය පළඳින බවත් ඔහු පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව පවසමින් බලයට පත් වත්මන් ආණ්ඩුව මේ වනවිට එම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් නිදහස් කරන තත්වයට පත්ව ඇති බවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති