සිරදඬුවම් නියම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරීන්ට බාර දුන්නේය.
රාමනායක මහතා නිල නිවෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා මාර්ගයෙන් මෙසේ බාරදුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
නිවෙස බාර දී ඇත්තේ රන්ජන් රාමනායක මහතාගේ බඩුබාහිරාදියද සමගය.
එම බඩුබාහිරාදිය පසුව ඒ ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේ යැයිද එම නිලධාරියා සඳහන් කළේය.
රංජන් රාමනායක මහතා සිරගත කරනු ලැබීමෙන් පසුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වී ගිය හෙයින් මාදිවෙල මන්ත්‍රී නිල නිල නිවාස සංකීර්ණයේ ඔහුගේ නිල නිවෙස පාර්ලිමේන්තු නිලධාරීන්ට බාර දීමට නියමිතව තිබුණත් රාමනායක මහතාගේ ඉල්ලීමක් අනුව ඔහුට ඉන් ඉවත් වීම සඳහා මාස 3 ක සහන කාලයක් ලබාදීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.
එම සහන කාල සීමාව පසුගිය විසි වැනිදායින් අවසන් විය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති