නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව මැතිවරණ කොමිසම විසින් අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ගැසට් කිරීමට කටයුතු නොකිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව අපේ ජන බල පක්ෂය පවසනවා.
එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුසන්ත කොඩිතුවක්කු මහතා මේ බව සඳහන් කළා.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජන බල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට කළ පැමිණිල්ල ඊයේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී විභාගයට ගත්තා.
ඒ අනුව පසුගිය 19 වැනි දා පැමිණිල්ල යොමුකළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා තිබුණා.
පෙරේදා පස්වරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවණ විහාරස්ථානයට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් ගියද, එම අවස්ථාවේ දී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැහැ.
එම අවස්ථාවේ දී විහාරස්ථානයට වැඩම කර සිටි පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් අද දිනයේ දී සාකච්ඡා කිරීමට උන්වහන්සේ එකඟ වූ බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති