ඇෆ්ගන් ජාතිකයින් පිරිසක් ඉරානයේ ටෙහෙරාන් නුවර ජර්මානු තානාපති කාර්යාලය ඉදිරිපිට එක්රැස් වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඇෆ්ගනිස්තානය තලෙබාන් පාලනයට නතුව ඇති පසුබිමක ජර්මානු වීසා බලපත්‍රලාභියෙකු වීමේ අපේක්ෂාවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇෆ්ගන් ජාතිකයින් 150ක් පමණ එම තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ඒ අසල පිහිටි තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි බවය.
ඇෆ්ගනිස්තානය තලෙබාන් අණසකට යටත්වීමෙන් පසුව ඇෆ්ගන් වැසියන් රැසක් එරටින් පිටවයාමට උත්සාහ දැරුවේ සරණාගත අර්බුදයක් නිර්මාණය කරමිනි.
මේ තත්ත්වය තුළ විදෙස් හමුදාවන්ට සහාය වූ භාෂා පරිවර්තකයින් ඇතුළු ඇෆ්ගන් වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් ඉවත්කර ගැනීමට අමෙරිකාව ඇතුළු රටවල් කටයුතු කළේය.
කෙසේවෙතත් නියමිත පරිදි අගෝස්තු 31 එම මෙහෙයුම් අවසන්කරන අවස්ථාව වන විට භාෂා පරිවර්තකයන් ඇතුළු ඇෆ්ගන් වැසියන් දහස් ගණනකට රටින් පිටවීමේ අවස්ථාව ගිලිහී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාව, සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් පවසන්නේ ඉදිරියේදී ඔවුන් ඉවත්කර ගැනීමට බලාපොරොත්තු වන බවය.
මේ අතර රටින් පිටව නොයන ලෙස තලෙබාන් සංවිධානය ඇෆ්ගන් වැසියන්ගෙන් ඉල්ලා තිබේ.
තලෙබාන් සංවිධානය පවසන්නේ අනාගතයේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට ජනතාවගේ සහාය අවශ්‍ය බවය.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්