මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රටවල් 08ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඇංගෝලා, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ එම රටවල් වේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා පැවසුවේ එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ යෙදී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට එම තහනම අදාළ වේ.
මේ සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම් ද දැනුවත් කර ඇති බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට අද දින සිට ජූලි 01 වනදා දක්වා සහන කාලයක්, එම ගුවන් මගීන් පත්වෙන අපහසුතාවය සලකා ලබාදී ඇති බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනය පහතින්….

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති