බෙයිජිං වේලාවෙන් අද (9) රාත්‍රී 20:00ට ලෝකයේම අවධානය දිනා ගත් චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගය විකාශය කෙරේ.
චීන මාධ්‍ය සමූහයේ CGTN හි ඉංග්‍රිසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු නාලිකා හා විදේශ භාෂා 68 ක නව මාධ්‍ය සහ, ඇමරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු රටවල් හා කලාප 200 ක 2100 කට අධික මාධ්‍ය එම ප්‍රසංගය විකාශය කිරීමට නියමිතය. රටවල් 49 ක නගර 90 ක 3000 කට වැඩි පොදු ඩිජිටල් තිරවල එම ප්‍රසංගයේ විශේෂ අවස්ථා දැක ගත හැකිය.
ගිනස් ලෝක වාර්තාවලට අනුව ලොව වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන වන මෙම ප්‍රසංගය චීන වසන්ත උත්සවය සහ චීන සංස්කෘතියේ අසිරිය පිළිබඳ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලෝකයට සමීප කරනු ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්