ගාලූ මුවදොර අරගලයට අද දිනයට තුන් මසක් සම්පූර්ණ වනවා.
ඊට සමගාමීව රටම කොළඹට යන මැයෙන් විරෝධතාවයක් සංවිධාන කිරීමටයි අරගලකරුවන් සැලසුම් කර ඇත්තේ.
ඔවුන් සදහන් කළේ ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් විරෝධතාව ගාලු මුවදොර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවයි.
ඊට සමගාමීව කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ ප්‍රදේශ රැසකත් උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ කැළණිය විශ්ව විද්‍යාලය අසලින් ගාලු මුවදොර බලා විරෝධතා පාගමනක් ආරම්භ කළා.
පාගමන කොටුව ලංකා බැංකු මාවත අසළ දී පොලීසිය ජල හා කදුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළේ් විරෝධතාකරුවන් එම මාවතට පිවිසීමට උත්සහා කිරීමේදීයී.
කෙසේ වෙතත් අන්තරයේ විරෝධතාකරුවන් එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති