අලුත් අවුරුද්දේ ගහක් හිටවලා ජාතියක් සුරකින වැඩපිළිවෙළක් රජය ආරම්භ කළා. මේ අවුරුද්දේ ඉදලා සුබ නැකතට හැම කෙනාටම ගහක් හිටවලා ජාතියේ අනාගතය වෙනුවෙන් දායක වෙන්න පුළුවන්.
සිංහල, දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත හෙට පෙරවරු 6.40 ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිසාව බලා මෙම කාර්යයේ නිරත වීම සුදුසු බවයි දැක්වෙන්නේ. අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ ප්‍රධාන උත්සවය අගුණකොළපැලැස්සේ පිහිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේදී සිදු කෙරෙනවා. මෙහිදී සිටුවීම සදහා සුදු හදුන් පැළයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබා දුන්නා. ඒ කාල්ටන් නිවසේදීයි. මීට සමගාමීව සුබ නැකතට පැළ සිටුවීම දිවයින පුරා සිදුකෙරෙනවා.
මේ අතර හිසතෙල් ගෑමේ නැකත යෙදී තිබෙන්නේ ලබන 17 වන සෙනසුරාදා පෙරවරු 7.16 ටයි. රැකීරක්‍ෂා සදහා පිටත්ව යාමේ නැකත 19 වන සදුදා පෙරවරු 6.39ට යෙදී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති