චිත්‍රපට, වේදිකා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ කොවිඩ් වැලදීමෙන් හොරන මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඇගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශ මත ඊයේ(03) සිදු වී ඇත.
අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී ටෙලි නාට්‍ය ගණනාවක ඇය රංගනයෙන් දායක වූවාය.
කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්, සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇත.
2001 දී පමණ ඇය ටෙලි නාට්‍ය කලාවට සමුදී එංගලන්තයේ පදිංචියට ගියායා. හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් නිසා 2011 වසරේදී ඇය නැවතත් සියරට පැමිණ ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති