සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ හෝටලයක් ඉදිකරන බවට සජීව චාමිකර මහතා චෝදනා එල්ල කර තිබුණා.
යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සමාගමක් යොමු කළ එම එන්තර වාසියේ දැක්වෙන්නේ සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු තම සේවාදායකයාගෙන් කොන්දේසි විරහිතව සමාවක් ඉල්ලා සිටිය යුතු බවයි.
එමෙන්ම,
- මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමාගෙන් සමාව ගැනීම
- මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
- අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
- යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
- දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම
යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින් අද (24) පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති