චීනය කෙරෙහි නිසි ආකාරයෙන් සලකා යුරෝපය වඩාත් සක්‍රිය මෙන්ම ප්‍රායෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(09) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. මෑතකදී යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය චීන-යුරෝපා සබඳතාව කෙරෙහි නිකුත් කළ ප්‍රකාශය සම්බන්ධ වාර්තාවට චීනය අවධානය යොමු කර ඇත. යුරෝපා සංගමයේ නායිකාවගේ අදාළ ප්‍රකාශයේ චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය පිළිබඳව ධනාත්මකව ඇගයීම පිළිබඳව චීනය පිළිගන්නා අතර එය අගය කරන බව Mao Ning මහත්මිය පැවසීය.
ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතා වඩාත් පුළුල්, සාධාරණ සහ ධනාත්මක ආකාරයකින් සලකා යුරෝපා සංගමය සංවාද හා සම්බන්ධීකරණය මගින් වෙළඳ ගැටලු නිසි ලෙස පාලනය කරනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරයි. ඉන් නිශ්චිත ගැටලු ව්‍යාප්ත වීම , ආර්ථික හා වෙළඳ ගැටලු ආරක්ෂක ගැටලු බවට පත් කිරීම වැළැක්විය යුතු බවද ඇය සඳහන් කළාය.
චීනය කෙරෙහි නිසි අවබෝධයෙන් යුරෝපා සංගමය වඩාත් සක්‍රිය මෙන්ම ප්‍රායෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් චීන-යුරෝපා සබඳතාව අඛණ්ඩව විධිමත් මෙන්ම ස්ථිර ලෙස සංවර්ධනය කිරීම චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවාය.
More Stories
අරාබි රටවලට චීනය අඛණ්ඩව සහාය වන බව චීන අගමැති කියයි
චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය බිලියන 100 ඉක්මවයි
ගෝලීය ශිෂ්ටාචාර පිළිබඳ 11 වන Nishan සංසදය චීනයේ දී