යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen විසින් චීනය හා සම්බන්ධ ආතතියක් මතු කරමින් පසුගියදා සිදු කර ඇති, පරස්පර විරෝධී අසත්‍ය ප්‍රකාශ පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය. චීනය සිය කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුව අත්කර ගනු ලැබූයේ තාක්ෂණික නවෝත්පාදනය, යහපත් කාර්මික හා සැපයුම් දාමය, නිසි වෙළඳ තරගකාරීත්වය මත පදනම්ව මිස සහනාධාර මුදල් මත නොවන බව ඔහු කීය. චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක ආධාර මුදල් සැපයීමේ ප්‍රතිත්පතීන් විවෘත ය. සාධාරණත්වයෙන් යුතුව නීති-රීති මත පදනම්ව මෙන් ම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට සරිලන අයුරින් චීනය අදාළ ප්‍රතිපත්තීන් අනුගමනය කරයි.
‘අතිරික්ත චීන නිෂ්පාදන ධාරිතාවක්’පිළිබඳ ඊනියා අදහස ඇතැම් රටවල් ආරක්ෂණවාදය වෙනුවෙන් සැලසුම් සහගත ව සිදු කරන්නකි. යුරෝපා සංගමය සමග එක්ව නිසියාකාරයෙන් වෙළඳ මතභේද නිරාකරණය කිරීමට සූදානමින් සිටින චීනය, එම රටවල් සිය ප්‍රතිලාභ අත්තනෝමතික ව අත්පත් කර ගැනීම සඳහා චීනයේ සංවර්ධනීය ප්‍රතිලාභවලට එල්ල කරන ඕනෑ ම අහිතකර උත්සාහයකට ම දැඩි ලෙස විරුද්ධ වන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
More Stories
නව වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
චීන ජනපතිගේ මධ්‍යම ආසියානු සංචාරය චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණයේ වර්ධනයට මඟ පෑදීමකි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටවල් කිහිපයක නායකයින් හමුව තිබේ.