ලොව පුරා ළමුන් වෙත යුද ගැටුම් හේතුවෙන් සිදුව ඇති අහිතකර බලපෑම 2024 වසරේදී විනාශකාරී මට්ටමක් දක්වා ළඟා වී ඇති බවත්, එය වාර්තාගත ලෙස ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඊයේ (28) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ඇස්තමේන්තු අනුව අන් කවරදාටත් වඩා එම වසරේ දී ළමුන්, ගැටුම් කලාපයන්හි ජීවත් වීම හේතුවෙන් හෝ ගැටුම් හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වීම හේතුවෙන් බලහත්කාරයෙන් අවතැන් ව ඇත. ඒ අනුව 2024 වසරේ දී ගැටුම් හේතුවෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය වූ ළමුන් සංඛ්‍යාව වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබේ. “අයිතිවාසිකම් උල්ලංඝනය” යන්නට ගැටුම් හේතුවෙන් මරණය හෝ තුවාල සිදු වීම, පාසල් අධ්‍යාපනය අහිමි වීම සහ දරුණු මන්දපෝෂණය ද ඇතුළත් වේ. මෙම සංඛ්‍යාලේඛනයේ දත්ත ඉදිරියේදී තවදුරටත් සංශෝධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ