මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.
ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට උසස්කර ඇත.
එමෙන්ම, බලලත් නිලධාරි II 83 දෙනෙකු බලලත් නිලධාරි I නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි II නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් ලබා ඇත.
- Aruna News
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති