බංග්ලාදේශයේ යාත්‍රාවක් ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් මගීන් 40 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාත්‍රාවේ හටගත් ගින්න ආරම්භ වී ඇත්තේ එහි එන්ජින් කාමරය තුළයි. යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි ගමන් ගත් මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. එමෙන්ම තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවද සදහන්.
බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට තවත් නගරයකට මගීන් රැගෙන යමින් සිටි යාත්‍රාවකුයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්