අපි අතර දේශාපලන ප්‍රශ්න තිබුණද තමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මේ බව පැවසූවේ අද(20) පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කරමිනි.
“ඔබතුමාට මතක ඇති මං ඔබතුමා ඉදිරිපිට මං මේ කියන්නේ. ඔබතුමා එක් අවස්ථාවක මනම්පිටිය පාලමේ වැලි ගොඩ දැමීම නතර කළා. ඔබතුමාගේ සොහොයුරෙක් මට කතා කළා. විශාල ටිපර් රථ ගෙනත් තියෙනවා. ලීසිං හිරවෙලා තියෙනවා සමහර කර්මාන්ත තියෙනවා ඒවා කඩා වැටෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට කතා කරලා සහනයක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. මං ඔබතුමාට කතා කළා. මං ඔබතුමාට ස්තූති වන්ත වෙනවා මං ඔබතුමාට කිව්වා ඔබතුමා එක මල්ලි කෙනෙක් ගැන සඳහන් කරලා කිව්වා. මම ඕකට කියලා තියෙන්නේ මනම්පිටියේ පැත්තට යන්න එපා කියලා. මං ඩීඅයිජීට කියලා තියෙන්නේ එහෙට ගියොත් දණින් පහලට වෙඩි තියන්න කියලා. ස්තූති වන්ත වෙනවා. ඔබතුමා පරිසරය රැකීම ගැන විශේෂ උනන්දුවකින් වැඩ කලා. ” යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති