Lanka Plus News

www.lankaplusnews.com

මෙම වසරේ මුල් මාස 5 තුළ චීන භාණ්ඩ ප්‍රවාහනයේ ස්ථාවර වර්ධනයක්

මෙම වසරේ මුල් මාස 5 තුළ චීන භාණ්ඩ ප්‍රවාහනයේ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරයි.

චීන භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ සංගමය මෙම වසරේ මුල් මාස 5 තුළ භාණ්ඩ ප්‍රවාහනයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි.

අද(29) නිකුත් කළ එම දත්තයන්ට අනුව චීන භාණ්ඩ ප්‍රවාහනය ස්ථාවර තත්ත්වයක පවතින අතර එහි ව්‍යුහය තවදුරටත් ප්‍රශස්ත කෙරේ. මෙම වසරේ මුල් මාස 5 තුළ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සමස්ත ආදායම චීන යුවාන් ට්‍රිලියන 5.6කි. එය පසුගිය වසරේ අගයට සාපේක්ෂව සියයට 4.2ක වර්ධනයකි. ඒ අතරින් පසුගිය මැයි මාසයේ සිවිල් ගුවන් භාණ්ඩ ප්‍රවාහනය හා තැපැල් ප්‍රවාහන ප්‍රමාණය පසුගිය වසරේ අගයට සාපේක්ෂව සියයට 16.6කින් වැඩී වී ඇත. එමෙන්ම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන හැකියාව අඛණ්ඩව වර්ධනය වී ඇති අතර එය සියයට 26.3කින් වර්ධනය වී තිබේ. මේ අතර පසුගිය මැයි මාසයේ මධ්‍යම ආසියා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 1321 වතාවක් ක්‍රියාත්මක කර ඇති අතර එය පසුගිය වසරේ අගයට වඩා සියයට 30.9කින් වර්ධනයවීම විශේෂත්වයකි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com