මෙම වසරේ ඉන්ධන මිල ඉහල යාමක් සිදු නොවන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ලෝක වෙලෙදපොලේ ඉන්ධන මිල ඉහළ ගියද රජය එම පාඩුව දරා ගන්නා බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපල ඉන්ධන මිල අඩුවන විට අඩුවන සේම වැඩිවන විට වැඩිවන බව කී ඇමතිවරයා එයින් සාමාන්‍ය ජනතාවට වාසියක් නොලැබෙන බව ද පැවසීය.
බස් ගාස්තු වැඩි කිරීම සදහා කිසිදු සූදානමක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති