‘මූලික පර්යේෂණය ශක්තිමත් කරමින් ඉහල මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය සහ ස්වයං දියුණුව සාක්ෂාත් කර ගැනීම’ මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ලිපිය පළ කෙරේ.
හෙට(1) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ‘Qiushi’ සඟරාවේ 15වැනි කලාපයෙන් එම ලිපිය පළ කිරීමට නියමිතය. මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම, ඉහල මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය සහ ස්වයං දියුණුව සාක්ෂාත් කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් වන අතර, ලෝක විද්‍යා තාක්ෂණික බලවත් රටක් ගොඩනැගීමේ අනිවාර්ය පියවරක් බවත් එම ලිපිය පෙන්වා දී තිබේ.
මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම, ස්වයං නිර්මාණශීලිත්වයට පුමුඛතා ලබා දීම, නිදහසේ ගවේෂණය කිරීම දිරිමත් කිරීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාව අවධාරණය කර ඇත. මූලික පර්යේෂණ පිළිබඳ පෙරදක්නා, උපායමාර්ගික හා පද්ධතිමය සැකසීම ශක්තිමත් කළ යුතු අතර අදාල ක්‍රමවේද ප්‍රතිසංස්කරණය ද ගැඹුරින් ක්‍රියාත්මක කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ. මූලික පර්යේෂණ පිළිබඳ ඉහල මට්ටමේ අනුග්‍රාහී වේදිකා ගොඩනගමින් ප්‍රවීණයින් පෝෂණය කිරීමට ද අවධානය යොමු කළ යුතුය. ජාත්‍යන්තර සහයෝගතා පුළුල් ලෙස පවත්වමින් මූලික පර්යේෂණයට යහපත් වන නව සමාජ ජෛවයක් නිර්මාණය කළ යුතු බව ද එම ලිපිය පෙන්වා දී තිබේ.
මූලික පර්යේෂණයේ වැදගත්කම පිළිබඳව චීන ජනපතිගෙන් ලිපියක්

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්