ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ විවිධ සාකච්ඡා මේ වන විටත් පවත්වා ඇති බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහා ද අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දී ඇති බව වාර්තා වෙයි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්