සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ ඊට එක්වන බවයි එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ.
මේ අතර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් සිදු කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් අද සිට නැවත දැනුම් දෙනතුරු සියලූ රාජකාරීවලින් ඉවත්වී ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද පෙරවරු 8.00 දක්වා වැඩවර්ජනක නිරත වනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති