යුද හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී භාවිතයට නොසුදුසු කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. උසාවි නියෝගයක් මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම උණ්ඩ තොගය හමු වී තිබේ.
මිලිමීටර් 152 කාලතුවක්කු උණ්ඩ 110 ක්, මිලිමීටර් 122 කාලතුවක්කු උණ්ඩ 36 ක්, මිලිමීටර් 152 කාලතුවක්කු කාට්‍රිජ් 49 ක්, මිලිමීටර් 122 කාලතුවක්කු කාට්‍රිජ් 29 ක් හා විලායක 10 ක් හමු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් 09 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකාය හා මුල්ලියාවේලි පොලිස් ස්ථානය එක්ව වැඩිදුරට පරීක්ෂණ සිදු කරන බවයි යුද හමුදාව පවසන්නේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්