මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්තිය නොවුනත්, මුදල් මුද්‍රණය කිරීමට සිදුව ඇති බව BBC සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
මෙම වසර අසීරු වසරක් බවත් ශ්‍රී ලංකාව සතුව විදේශ විනිමය සහ රජයට ආදයම්ද අඩුවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් තමා අගමැති වූ සෑම අවස්ථාවකදීම ජනතාවට තුන්වෙල් කෑමට අවස්ථාව ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති