ජනතාව මුඛ ආවරණ පැළඳීමට පටන් ගැනීමත් සමඟ මෙරට ශ්වසන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යාපන ප්‍රධානී,මහනුවර වෛද්‍ය සංගමයේ සභාපති දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසනවා.
එය කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඇතිවු වැදගත් සිද්ධියක් බව ද ඒ මහතා කියා සිටියා.
ස්වසන රෝග වලට ගොදුරුව සිටින පුද්ගලයින්ට රෝග උත්සන්න වීමත් සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පවතින බවත් මේ නිසා රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමද සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් මුඛ ආවරණ පැළඳීම පුරුද්දක ලෙස අඛන්ඩව සිදුකිරීම සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස තමා දකින බවත් මෙමඟින් රෝගකාරක විෂබීජ තමන්ගේ ශරීරයට ඇතුළු වීමත් තමන්ගේ ශරීරයේ ඇති විෂබීජ භාහිර පරිසරයට එක්වීමත් වැළකෙන බවද ඒ මහතා සදහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති