මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගල රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
ඔහු මෙම මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) නියෝග කළේය.
මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව අධිකරණයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.
ඒ අනූව ජේලර් කාලිංග කළුඅග්ගල ඊයේ (24) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර විය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්