මිසයිල අත්හදා බැලීම සාර්ථක බව උතුරු කොරියාව නිවේදනය කළා.
ඒ නව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට දකුණු කොරියාව නිතුත් කළ වාර්තා තහවුරු කරමින්.
උතුරු කොරියානු මාධ්‍ය සඳහන් කළේ උසස් පාලන තාක්ෂණයක් සහිත මෙම මිසයිලය 2016 අත්හදා බැලීමේදී භාවිත කළ යාත්‍රාවෙන්ම ගුවන්ගත කර ඇති බවයි.
උතුරු කොරියාව පසුගිය සති කිහිපයේදී මිසයිල අත්හදා බැලීම් රැසක් සිදු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උතුරු කොරියාව මෙම බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති පසුබිමක බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්