එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිශෙල් බැචලේ ලබන සදුදා චීනයේ විශේෂ සංචාරයක නිතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයකට ලක්ව සිටින චීනය තුල ඇයගේ සංචාරය විශේෂිත බවයි විචාරකයන් පවසන්නේ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය දින හයක කාලයක් චීනයේ සංචාරය කරනු ඇති. ඇයට චීනයේ බොහෝ ප්‍රදේශවලට බාධාවකින් තොරව ප්‍රවේශවීමට අවස්ථාව ලබා දීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. විගර් මුස්ලිම් ජන කොට්ඨාශය පාලනය කිරීම සඳහා චීනය අනුගමනය කරන ප්‍රතිපත්තිය මානව හිමිකම් අංශවල දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති