පාන් රාත්තලක මිල ඉහළ නොදමන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනු ලැබුවත්, රෝස් පාන් රාත්තලක මිල රුපියල් දහයකින් (10.00) ඉහළ දැමීමට බොහෝ බේකරි හිමියන් කටයුතු කර ඇතැයි ජනතාව පවසති.
රෝස් පාන් රාත්තලක් රුපියල් 60.00කට අලෙවි කෙරුණු අතර එය දැනට දින කීපයක සිට රුපියල් 70.00 දක්වා ඉහළ දමා තිබේ.
මීට අමතරව මාළු බනිස්, බිත්තර බනිස් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00 සිට 10.00 දක්වා මිල ගණන්වලින් වැඩි කර ඇතැයිද පෙන්වා දෙයි.
ඉන්ධන මිල ඉහළ යෑම, බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට සිදු වූ බව බේකරි හිමියෝ කියා සිටිති.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති