ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව, සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව එම වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කළ බවත් ඒ හරහා ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබුණු බවත් එම වාසිය සුපිරි වෙළඳසැල් හා සිල්ලර වෙළඳුන්, පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ දැයි යන්න සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන බවයි අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු